![]() |
සහකාර විදුහල්පතිබෙන්ගමුව ද්විතියික පාසල |
වසර 110 කට අධික ඉතිහාසයක් සහිත බෙන්ගමුව ද්විතියික පාසල ප්‍රදේශයේ දරු දැරියන්ගේ වටිනාම අධ්‍යාපන තක්සලාවයි. රටේ බොහෝ කේෂ්ත්‍රයන්ට ඉතා වටිනා පුද්ගලයන් දායාද කිරීමට බෙන්ගමුව ද්විතියික පාසල සමත්ව තිබේ. විශේෂයෙන්ම බෞද්ධ ශාසනික දියුණුවට මහත් සේ උපකාර කළ සංඝයා වහන්සේලා කිහිපදෙනකුම මේ ප්‍රදේශයෙන් බිහිවි තිබේ.
21 වන සියවසේ සංකීර්ණ ලෝකය සමඟ ඉදිරියට යෑමේදී අපට නව තාක්ෂණය වෙසෙසින් ම අවශ්‍ය වේ. විශේෂයෙන්ම නව පරම්පරාව තුළ විශාල වශයෙන් තාක්ෂණික නැඹුරුවක් පවතින ආකාරය දැකගත හැකිය. ආර්ථිකය, අධ්‍යාපනය ආදී සෑම කේෂ්ත්‍රයකම නව්‍යත්වයන් බිහිවී තිබෙන්නේ තාක්ෂණික දියුණුවත් සමඟයි. එවැනි අවස්ථාවකදී බෙන්ගමුව ද්විතියික පාසල ද අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් නිර්මාණය වූ මෙම පාසල් වෙබ් අඩවිය අප පාසලේ දරුවන්ටත්, ගුරුභවතුන්ටත්, ප්‍රදේශවාසීන්ටත් ඉතාම වැදගත් වනු ඇත. එමෙන්ම මෙම වෙබ් අඩවිය හරහා සමස්ත ප්‍රජාවටම තොරතුරු ලබා ගත හැකි වීම ඉතාමත් යහපත් කටයුත්තකි.
ඓතිහාසික අධ්‍යාපනික වටිනාකමින් යුක්ත වූ අප පාසල නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමට ගත් මේ වටිනා උත්සාහය මා ඉතාම අගය කරන අතර තවදුරටත් මෙම කටයුතු සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි.
ශාස්ත්‍රවේදී අම්පනාගල පඤ්ඤරතන හිමි (මුලු දිවයිනටම සාම විනිසුරු)
සහකාර විදුහල්පති, බෙන්ගමුව ද්විතියික පාසල
විහාරාධිපති, පස්ගොඩ ශ්‍රී නාගාරාමය
