(+94) 412291294
[email protected]
bengamuwass
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bengamuwa M.V.

බෙන්ගමුව ද්විතියික පාසල

දෙනියාය කළාපය

  • Register
  • Login
Bengamuwa M.V.

බෙන්ගමුව ද්විතියික පාසල

දෙනියාය කළාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
      • සහකාර විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වර්ෂ 1911 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම පාසල බෙංගමුව වෙලේගේ වත්තේ විසු දොන් තෝමිස් ජයලත් පතිරණ විදාන ආරච්චි රාළහාමි විසින් මූලිකත්වය ගෙන ඉදිකරන ලදි. මුලින්ම එය බටකොළ සෙවිලි කළ ශාලාවක පාසල ආරම්භ විය.

විද්‍යාලයේ විදුහල්පති කහගල ගමගේ අල්විස් දියස් මහතාය. ඩබ්.ඩි. එලියස්හාමි, දම්පහල ඩි. ඒ. වික්‍රමසිංහ යන මහත්වරු දෙවන හා තුන්වන විදුහල්පතිවරුන් ලෙස සේවය ට පැමිණ ඇත. එතැන් සිට අද වන විට විදුහල්පතිවරු 13න් දෙනෙකු මාර/බෙන්ගමුව පාසලේ විදුහල්පතිවරු ලෙස කටයුතු කර ඇත.

පළමුව ඉදිකළ ගොඩනැගිල්ල ලෙස සැලකිය හැක්කේ 40■20 මෙරට උළු සෙවිලි කළ ගොඩනැගිල්ලකි. එය 1935 දී 80■20 දක්වා දීර්ඝ කරන ලදි. මෙම ගොඩනැගිල්ල ද ප්‍රමාණවත් නොවු බැවින් එවකට දෙනියාය මන්ත්‍රී වික්ටර් රත්නායක මැතිතුමාගෙන් කරන ලද ඉල්ලිම අනුව 60■27 අර්ධ තවකාලික ගොඩනැගිල්ලක් ඉදිවිය. මෙම ගොඩනැගිල්ල වික්ටර් රත්නායක මැතිතුමාගේ ඇරයුමින් එවකට කෘෂිකර්ම ඇමතිව සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් 1949 වර්ෂයේ දී විවෘත කරන ලදි.

1948 - 1956 කාලය පාසලේ සුවිශේෂී කැපී පෙනෙන කාලයක් විය. එවකට විදුහල්පති වුයේ ඩි. ඒ. වීරරත්න මහතාය. එතෙක් 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවතියත් 1946 සිට ජ්‍යොෂ්ඨ පන්ති ද ආරම්භ විය.

ශ්‍රි ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමා දකුණේ සංචාරය යෙදුන අවස්ථාවක 1948 වර්ෂයේ දිනක මෙම පාසලට පැමිණීම ඉතා සුවිශේෂී අවස්ථාවකි.

1956 වර්ෂයේ දී දෙනියාය පාර්ලිමේන්තු මන්ත්‍රි ලෙස තේරී පත්වු සේපාල රත්නායක මහතා විසින් 120■20 ගොඩනැගිල්ලක් ගුරු නිවාසයක් හා ළිඳක් ඉදිකිරිම පාසලේ නව සංධිස්ථානයක් සටහන් කරනු ලබයි. ගොඩනැගිල්ල විවෘත කිරිම 1958දී එවකට අධ්‍යාපන ඇමතිවරයා වු විජයානන්ද දහනායක මැතිතුමා අතින් සිදුවිය.

1968 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මැතිතුමාගේ පාසල් වර්ගීකරණ වැඩපිළිවෙළ අනුව 7 ශ්‍රේණිය දක්වා පංති පැවැත්විීමට කටයුතු කරන ලදි. 7 ශ්‍රේණියෙන් පසු සිසුන් ඌරුබොක්ක මහ විදුහලට යොමු කරන ලදි. මෙවකට විදුහල්පති වුයේ පි. ඊ. එස්. විජයරත්න මහතාය. 1970 දී එතුමා විශ්‍රාම ගන්නා ලදි.

1971 වනවිට පාසලේ ළමුන් 353කි. ගුරු මණ්ඩලය 06කි. මෙම වර්ෂයේ දී එල්. එම්. ගුණවර්ධන මහතා වැඩබලන විදුහල්පති ලෙස පාසලේ වැඩකටයුතු ආරම්භ කරන ලදි. 1971 සැප්තැම්බර් මස වයි. ජි. ඒ. රාමවික්‍රම මහත්මිය විදුහල්පති ලෙස පත්විය. හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝයි රාජපක්ෂ මහතාගේ මැදිහත්විම මත අ.පො.ස (සා.පෙළ) දක්වා පන්ති ආරම්භ කිරිමට මෙකළ හැකිවිය. 1975 දී අ.පො.ස (සා.පෙළ) විභාගයට ඒ අනුව සිසුන් ඉදිරිපත් කිරිමට අවස්ථාව උදා විය.
1975 වර්ෂයේදී 120■20 ගොඩනැගිල්ල හා 60■20 කොටසක්, විද්‍යාගාර ඒකකයක් ලෙස සකස් විය. ගම් වාසින්ගේ සහාය ඇතිව 70■20 බාලාංශ පංති කාමර ගොඩනැගිල්ලක් ඉදි කිරිම ආරම්භ කල අතර රජයේ අනුග්‍රහය ඇති ව 1977 දී එහි වැඩ අවසන් කරන ලදි. 1977.12.25 දින එය විවෘත කරන ලදි.

1982 ජුනි මස 16 දින මාර/බෙන්ගමුව කනිටු විදුහල මහ විදුහල බවට පත්විය.
ඉන් පසු මේ දක්වා විද්‍යාලය පැමිණි ගමනේ දී එස්. සෙනරත් යාපා හා ඩී.එම්. චන්ද්‍රසිරි යන විදුහල්පතිවරු පාසල මෙහෙය වු අතර 2011 වසරේ පාසලට වසර 100ක් පිරිම නිමිත්තෙන් පාසලේ සියවස් සැමරුම් උළෙලක් එවකට විදුහල්පති ලෙස කටයුතු කල ඩි. එම්. චන්ද්‍රසිරි මැතිඳුන්ගේ පුර්ණ මඟ පෙන්වීම මත සිදුවිය. ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු සැමගේ දායකත්වයෙන් සිදුකල එය පාසලට ඓතිහාසික අවස්ථාවක් විය.

2009 දී බෙන්ගමුව මහා විද්‍යාලය ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ ප්‍රාථමික හා මහා විද්‍යාල ලෙස කොටස් දෙකක් ලෙස බෙදීම ද  සුවිශේෂි සිදුවීමකි. වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රාථමික හා ද්විතියික පාසල් සංකල්පය තුළ බෙංගමුව මහා විද්‍යාලය ප්‍රදේශයේ ද්විතියික පාසලක් ලෙස සංවර්ධනය වීම විශේෂත්වයකි.

2012.10.30 දින පාසලට සුවිශාල අඩුවක් ව පැවති පාසල් පුස්තකාලය ද ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිසු අයිතියට පත්වීම පාසල ලද මහඟු භාග්‍යයකි. ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි හිඟයට පිළියමක් ලෙස මේ වසරේ පාසලට දායාද වු දෙමහල් ශාලාව ද පාසලේ පෙර ගමනට ශක්තියක් වී හමාරය.

විද්‍යාගාරය, පරිගණක ඒකකය, මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ආදි කොට ඇති අතිවිශාල සම්පත් ප්‍රමාණයක් තුලින් මේ වනවිට පාසල පෝෂණය වී හමාරය.

මේ ආකාරයට භෞතික සම්පත් වලින් පොහොසත් වෙමින් 21 වන සියවසට අවශ්‍ය නිපුණතා වලින් යුත් නිර්මාණාත්මක දරුවන් සමාජ ගත කිරිමේ ක්‍රියාවලියේ නිරන්තරයෙන් නිරත වන බව පවසනුයේ නිහතමානීවය. ප්‍රජා දායකත්වය තුළ පාසලේ භෞතික පරිසරය ඉගෙනුම් පරිසරයට උචිත ලෙස නිර්මාණය කිරිම ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ජාතික විභාග තුලින් පාසල ඉදිරියට ගෙන යාම සැමගේ දායකත්වය තුළ සිදුවන බව පවසනුයේ හද පිරි සතුටිනි.

බෙංගමු විදු මෑණියන් සදා දිනේවා.......

Bengamuwa M.V.

බෙන්ගමුව ද්විතියික පාසල

දෙනියාය කළාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bengamuwa Secondary School, Bengamuwa.

: (+94)2291294

: [email protected]

Supported By

© 2026 Bengamuwa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk