පාසල් ගීතය
සිරිබර සිරිලක පූජිත බෙන්ගමු
අපගේ විදුහල් මාතා...//
දින දින සිරියෙනි සරුවී සැරදේ
බෙන්ගමු විදුහල් මාතා...//
සිසු දරු කැළ ඔබ සෙවනේ වැඩෙනා
ඔබෙ ගරු නම නිති රකිනා...
සැරදේ... සැරදේ... සැරදේ...
සැරදේ විදුහල් මාතා...
බෙන්ගමු විදුහල් මාතා...//
ඔබෙ ගරු නම නිති සුදිලේ
ඔබ කිතු දස අත පැතිරේ...
සැරදේ... සැරදේ... සැරදේ...
සැරදේ විදුහල් මාතා...
බෙන්ගමු විදුහල් මාතා...//
බුදු ගුණ හද තුල නංවා
සැමදෙන පෙරමුණ ගන්වා...
රැකදේ මා පිය මාතා
බෙන්ගමු විදුහල් මාතා...//
සිරිබර සිරිලක පූජිත බෙන්ගමු
අපගේ විදුහල් මාතා...//